විපක්ෂ විරෝධතා උත්සන්න වෙයි



බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ ට එරෙහි විරෝධතා උත්සන්න වී තිබේ. මින්ස්ක් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පැවැත්විණි. ඊට විපක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු බෙලරූස් වැසියෝ දස දහස් ගණනක් එක් වී සිටියහ.

විපක්ෂ විරෝධතාකරුවෝ දහස් ගණනක් මින්ස්ක් අගනුවරට රැස් වී විරෝධතා පැවැත්වූ අතර ඔවුන්ට පොලිසිය හරස් විය. පොලිස් අත්අඩංගුවට පත් වුණු විරෝධතාකරුවන් ගණන 400 ට වැඩිය.

66 හැවිරිදි වියෙහි පසුවන ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ, බෙලරූසයේ ජනාධිපති ධුරහය හොබවන්නේ, වසර 26 ක් තිස්සේය.

පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් ලුකෂෙන්කෝ යළි විශිෂ්ට ජයක් හිමි කරගත් බව ජනපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනී ගියේය. කෙසේ නමුත් විපක්ෂය එම ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. විරෝධතා පැවැත්වෙන්නේ ඒ අනුවය.

මින්ස්ක් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS