වයිරසය පැතිරුණේ වූහාන් රසායනාගාරයෙන්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, චීනයේ වූහාන් නුවර වයිරස රසායනාගාරයෙන් කාන්දු වී පැතිරුණැයි චීන විද්‍යාඥවරියක කළ ප්‍රකාශයක් මේ වනවිට ආන්දෝලනයට හේතුවක් වී තිබේ.

ආචාර්ය ලී මැන්ග් යැං නමැති මෙම විද්‍යාඥවරිය මෙසේ පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ආචාර්ය ලී මැන්ග් යැංගේ ප්‍රකාශය මේ වනවිට චීන රජයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. චීන ජාතිකයකු වුවත් ආචාර්ය ලී මැන්ග් යැං හොංකොං හි පදිංචිකාරියකි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය සිදුවූයේ, හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. චීන රජයේ වයිරස රසායනාගාරය පිහිටා ඇත්තේ ද වූහාන් නුවරය. වයිරසය එම රසායනාගාරයෙන් සමාජයට කාන්දු වුණැයි ඇමෙරිකා බුද්ධි අංශ පවා චෝදනා කර තිබේ. චීන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS