රුසියාව දෙවැනි එන්නත අත්හදා බලයි



‘කොවිඩ්-19’ දෙවැනි වයිරසයට එරෙහිව සාර්ථකව දෙවැනි එන්නත ද අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

රුසියාව පසුගිය අගෝස්තු මාසයේදී ද නව කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බැලූ බව නිවේදනය කළේය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන ‘කොවිඩ්-19’ වයිරසය පාලනය කළ හැකි එන්නතකට නියාමන මට අවසරයක් දුන් පළමු රට වන්නේ ද රුසියාවයි.

කැබිනට් අමාත්‍යවරුන් සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේය.

රුසියාවේ මෙම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාඥයන්ගේ විමසිල්ල ද යොමු වී තිබේ.

ඒ.එෆ්.පී. 


RECOMMEND POSTS