රැජිනගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක්



සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාර්කෙල් රාජකීයයත්වය අත්හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ සමුළුවක් අද (13) පැවැත්වීමට නියමිතය.

එම සමුළුව, දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැන්ඞ්රිංග්හම් මාලිගයේ දී පැවැත්වීමට කටයුතු යෙදුණි. දෙවැනි එලිසබත් මහ රැජින, චාල්ස් කුමරු, විලියම් කුමරු පමණක් නොව හැරී කුමරුන් ද ඊට සහභාගී වීමට නියමිතව සිටියහ. චාල්ස් කුමරු සැන්ඞ්රිංග්හම් බලා පැමිණීමට නියමිතව තිබුණේ ඕමාන සුල්තාන් කසූබ් බින් සයිද්ගේ අවමංගල උත්සවයට සහභාගීවීමෙන් අනතුරුවය.

රාජකීයයත්වයෙන් ඉවත් වී, ජීවත් වීමට රැකියාවක් සොයා ගන්නවා යැයි හැරී සහ මෙගාන් යුවල පැවැසුවේ පසුගිය 8 වැනිදාය. හැරී සහ මෙගාන්ගේ එම තීරණය බි්‍රතාන්‍ය වැසියන්ට පමණක් නොව, රජ පවුලේ සාමාජිකයන්ට ද කම්පනයක් විය.

හැරී කුමරු, පියා චාල්ස් කුමරු සමඟත් වැඩිමල් සොයුරු විලියම් කුමරු සමඟත් පවතින මත ගැටුම් මෙම අර්බුදයට හේතුවක් බව බි්‍රතාන්‍ය ටැබ්ලොයිඞ් පුවත්පත් පෙන්වා දී ඇත.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS