යොෂිහිඩෝ සුගා ජපන් අගමැති ධුරයට



ජපාන පාලක ලිබරල් පක්ෂ නායකත්වය හිමිවුණු, යොෂිහිඩෝ සුගා ජපන් අගමැති ධුරය බාර ගත්තේය.

ජපානයේ අගමැති ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. දශක ගණනක් තිස්සේ ජපානයේ පාලක පක්ෂය ලෙස රටට නායකත්වය දෙන්නේ ලිබරල් පක්ෂයයි.

පක්ෂ නායකත්වයේත් අගමැති ධුරයේත් වෙනසක් සිදුවූයේ පක්ෂ නායකත්වයත් අගමැති ධුරයත් හොබවමින් සිටි ෂෙන්සෝ අබේ අසනීප සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අගමැති ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම නිසාය.

ෂෙන්සෝ අබේ, අගමැති ධුරයෙන් ඉවත් වූයේ ධුර කාලය අවසන් කිරීමට වසරක් තිබියදීය. ලබන 2021 සැප්තැම්බරයේ ජපාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ජනතා ප්‍රසාදය දිනා ගැනීමට හැකිවුවහොත්, එම මැතිවරණයට ඉදිරිපත් වී ජනතා ඡන්දයෙන් දිගටම අගමැති ධුරයේ කටයුතු කිරීමට යොෂිහිඩෝ සුගා ට හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉදිරි වසරක කාලයක සුගා ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

පක්ෂ නායකත්වයට පත් වනතුරු යොෂිඬේ සුගා ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඒ, වසර 8 ක් තිස්සේ, අගමැති ෂෙන්සෝ අබේගේ සමීපතමයා ලෙසිනි.

යොෂිහිඩෝ සුගාට පක්ෂ නායකත්වය හිමිවූයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකිනි.  පක්ෂ නායකත්වයට හිටපු ආරක්ෂක ඇමැති සහ විදෙස් ඇමැති ද ඉදිරිපත් වූ නමුත් වැඩිදෙනාගේ මනාපය හිමිවූයේ සුගාටය.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS