යුද ගැටුම් අවසන් නෑ



ආමේනියාව සහ අසර්බයිජානය අතර යුද ගැටුම් අවසන් වී නොමැති බවත් ආමේනියා හමුදා ඊයේ (15) එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් අසර්බයිජාන සිවිල් වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ආමේනියාව සහ අසර්බයිජානය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල්ය. දෙරට අතර ගැටුම් පවතින්නේ දෙරටම අයිතිය කියන නගොරෝනෝ කරබාක් නමැති පළාත මුල්කොට ගනිමිනි. මෙම පළාත ඇත්තේ අසර්බයිජානයට අයත් සීමාවේ වුවත්, මෙම පළාතේ වෙසෙන බහුතරය ආමේනියානු වැසියන්ය.

රුසියාව, ප්‍රංශය සහ ඇමෙරිකාව එක් වී ආමේනියාව සහ අසර්බයිජානය අතර සටන් විරාමයක් ස්ථාපිත කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

ටර්ටාර් (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS