මෝදි ජනපති ට්‍රම්ප්ට සුබ පතලා



තම පරිපාලනය, ඇමෙරිකාවේ කොරෝනා වසංගතයට මුහුණ දුන් ආකාරය ප්‍රසංශනීය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, නෙවාඩා ජනපදයේ රීනෝ නුවරදී  පැවැති ජන රැලියක් අතරතුරේය.

ඇමෙරිකාව කොරෝනා ආසාදිතයන් අතරින් අංක එක වූයේ, ආසාදිතයන් සෙවීමට වැඩි වැඩියෙන් පරීක්ෂණ සිදු කරන බැවින් යැයි ට්‍රම්ප් එම ජන රැලියේ දී පැහැදිලි කළේය. ඉන්දියාව කොරෝනා අතින් අංක 2 ස්ථානයට පත් වී ඇත්තේ ද ඇමෙරිකාව මෙන් පරීක්ෂණ සිදු කරන බැවිනි.

‘අප ඉන්දියාවටත් වඩා වැඩියෙන් ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ කළා. අනෙක් බලවත් රටවල් සියල්ල එක්ව ගත්ත්ත් ඇමෙරිකාව ඊට වඩා ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කර තිබෙනවා. අප ඉන්දියාවට වඩා මිලියන 44 ක් වැඩියෙන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඉන්දියාවේ ජනගහනය බිලියන 1.5 ක්.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS