මෙල්බර්න් නුවර යකා නැටූ 74 ක් අත්අඩංගුවට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට,  ඕස්ටේ‍්‍රලියා සෞඛ්‍ය බලධාරීන් සහ රජය එක් වී පනවා ඇති තහංචිවලට විරෝධය පළ කරමින්, වීදි බැස විරෝධය පළ කළ 74 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

මේ වනවිට විරෝධය පළ කරමින්, කලහකාරී අයුරින් හැසිරුණු තවත් 176 දෙනකුට දඩ නියම කර ඇතැයි ද පැවැසෙයි. මෙල්බර්න් යනු වික්ටෝරියා ප‍්‍රාන්තයේ අගනුවරය.  ඕස්ටේ‍්‍රලියාවෙන් වැඩිම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ ද වික්ටෝරියා ප‍්‍රාන්තයෙනි.

මෙල්බර්න්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS