මැලේසියා රජු රජකම එපා කියයි



මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහම්මද් රජු රජකම අත්හැර දැමීමට තීරණය කර ඇතැයි එරට රජ මැඳුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහම්මද් රජු එම තීරණය ගෙන ඇත්තේ රුසියාවේ හිටපු රූ රැජිනක් විවාහ කරගත් බවට කටකතා පැතිර යමින් තිබියදීය.

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ජීවත්වන රටක් වන මැලේසියාවේ රජෙකු එයින් ඉවත් වූ පළමු අවස්ථාව මෙයයි. මේ අනුව මැලේසියාවේ 15 වැනි රජු වන පස්වැනි සුල්තාන් මුහම්මද් රජු ජනවාරි 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වන බව මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

හතළිස් නවවන වියේ පසුවන පස්වැනි සුල්තාන් මුහම්මද් රජු එම තීරණය ගැනීමට කිසිදු හේතුවක් දක්වා නැතැයි ද වාර්තා වේ.
පස්වැනි සුල්තාන් මුහම්මද් රජු, සිහසුනට පත්වූයේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදීය. එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේදී පස්වැනි සුල්තාන් මුහම්මද් රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා තාවකාලිකව රජකමෙන් ඉවත් විය.

පස්වැනි සුල්තාන් මුහම්මද් රජු රුසියාවේ රූ රැජින විවාහ කරගෙන ඇතැයි පුවත් පළවූවත් ඒ කිසිවක් සම්බන්ධයෙන් රජ මාලිගය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මෙම සිදුවීම් පෙළත් සමඟ පස්වැනි සුල්තාන් මුහම්මද් රජු ඉදිරියේදී කුමක් කරනු ඇත්ද යන්න නිශ්චිත නැති නමුත් රාජකීයන් විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මැලේසියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත රාජාණ්ඩු පාලනයක් තිබෙන රටකි. එරට රජකම වසර පහෙන් පහට මැලේසියාව ප්‍රාන්ත නවයේ නායකයන් අතර හුවමාරු වේ. එරට තිබෙන සියවස් ගණනක් පැරැණි ඉස්ලාම්-රාජකීය සම්ප්‍රදායකි.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්ස්)


RECOMMEND POSTS