මානව හිමිකම් කොමසාරිස්වරියට දොස්



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලේ ට චීන රජය දොස් නගා ඇත. ඒ, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙනි.

චීනය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට ලිපියක් යවා ඇති බව ද පැවැසෙයි.

මානව හිමිකම් කොමසාරිස්වරිය හොංකොං විරෝධතාකරුවන් ගැන කනස්සල්ල පළ කර ඇත. චීනයේ උපදෙස් පරිදි, චීන හිතවාදී හොංකොං පාලක මණ්ඩය විරෝධතාකරුවන්ට දිගින් දිගටම පහර දෙන බවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් මිෂෙල් බැචලේ පවසා ඇත. චීන රජයේ උදහසට ලක් වූයේ මෙයයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS