මදුරෝට එරෙහි විරෝධතා දිගටම



වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට විරෝධය පළ කරමින් විපක්ෂ දේශපලාන කණ්ඩායම් කැරැකස් අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීය.

වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී විරෝධතා පවත්වන්නේ, ජනපති මදුරෝට ධුරයෙන් වහා ඉවත් වන්නැයි බල කරමිනි. වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්වී, විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර ඇති අතර, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පමණක් නොව, වෙනිසියුලාව අයත් ලතින් ඇමෙරිකාවේ අසල්වැසි රටවල් කිහිපයක් ද සහාය පළ කරන්නේ ගුඅයිඩෝටය.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනතාව අමතමින්, ජනාධිපති මදුරෝ කියා සිටියේ එය ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවත්, විදුලිය ඇණහිටීම පසුපස ඇමෙරිකාවේ ඒජන්තවරුන් සිටින බවය. ඊයේ වෙනිසියුලා ජනාධිපති මදුරෝට සහාය පළ කරමින් ද ජන රැලියක් පැවැත්විණි. විපක්ෂය සංවිධානය කළ විරෝධතා රැලියට ප්‍රහාරයක් ද එල්ල විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS