මදුරෝගේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කරනවා



වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ රජයේ නියෝජිතයන් හමුවී, හටෙගන ඇති දේශපාලන අර්බුදය අවසන් කිරීමට සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ පවසා ඇත.

සාකච්ඡා පැවැත්වීම සිදුවනු ඇත්තේ, බාබඩෝස් දූපත් රාජ්‍යයේය. සාකච්ඡා පැවැත්වෙන්නේ කවදාදැයි මෙතෙක් අනාවරණය වී නැත. මදුරෝගේ රජයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක ගුයිඩෝ ප්‍රමුඛ විපක්ෂ ක්‍රියාකාරීන් අතර සාකච්ඡා පැවැත්වීම සිදුවනු ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීමෙනි.

වෙනිසියුලා නායක යුවාන් ගුඅයිඩෝ සැලකෙන්නේ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙසය. ගුඅයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගෙන ඔහුට ආධාර ලබා දීමට ද ඉදිරිපත් වී සිටී.

යුරෝපා රටවල් බොහොමයක් ද වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස ගුඅයිඩෝ පිළිගනී. කෙසේ නමුත් රුසියාව, චීනය, ඉරානය, තුර්කිය ආදී රටවල් පවසන්නේ වෙනිසියුලාවේ නීත්‍යාණුකූල ජනාධිපති නිකලස් මදුරෝ බවය. එම රටවල සහාය හිමිවන්නේ ද මදුරෝගේ රජයටය.

කැරැකස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS