බෘහස්පතිට වඩා සෙනසුරුට චන්ද්‍රයෝ ඉන්නවා



අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා ලෙස සැලකෙන බෘහස්පතිට ඇති චන්ද්‍රයන්ට වඩා වළලු සහිත සෙනසුරු ග්‍රහයාට චන්ද්‍රයන් සිටින බව ජගත් තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥයෝ අනාවරණය කර තිබේ.

සෞරග්‍රහ මණ්ඩලයේ පිළිවෙළින් පස් වැනි ස්ථානයේ ඇත්තේ බෘහස්පති ග්‍රහලොවය. බෘහස්පතිට සිටින චන්ද්‍රයන් ගණන 79 කි. පසුගිය දා තාරකා විද්‍යාඥයන්ට අලුතින් සෙනසුරුට අයත් චන්ද්‍රයන් 20 ක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව, මේ වනවිට සෙනසුරුට ඇති චන්ද්‍රයන් ගණන 82 කි.

සෙනසුරුගේ නව චන්ද්‍රයන් 20 දෙනා ගැන තොරතුරු ලොවට අනාවරණය කළේ එම චන්ද්‍රයන් සොයා ගැනීමට දායක වුණු ප්‍රධාන විද්‍යාඥ ස්කොට් එස්. ෂෙපර්ඞ්ය. අලුතින් සොයා ගත් චන්ද්‍රයන් 20 දෙනාගෙන් 17 දෙනකු සෙනසුරු සමඟ කක්ෂගතව ගමන් නොකරයි. මෙම චන්ද්‍රයන් ගමන් කරන්නේ ප්‍රතිවරුද්ධ අතටය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS