පුටින් රහසේ පාප්තුමන් හමුවෙලා



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පසුගිය 4 වැනිදා සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය මේ වනවිට අනාවරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනගත්තේ ඉකුත් සති අන්තයේය. රුසියානු ජනාධිපතිවරයා පාප්තුමන් හමුවී ඇත්තේ වතිකානයේදීය.

රුසියානු ජනපති පුටින් වතාකානයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. රුසියානු ජනාධිපති පුටින් සහ පාප්තුමන් අතර පැයක පමණ කාලයක් සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS