නෙවල්නි ආපසු රුසියාවට



විෂක් ශරීරගතවීමෙන්, සිහිසුන්වී කෝමා තත්ත්වයකට පත්ව සිටි රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ සෞඛ්‍යය යහපත් අතට හැරී ඇති බවත්, ඔහු යළි රුසියාවට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.

ඇලෙක්සි නෙවල්නි යළි රුසියාවට පැමිණෙන බව නිවේදනය කළේ ඔහුගේ ප්‍රකාශිකා කීරා යර්මිෂ් ය. ඒ, ඇගේ ට්විටර් ගිණුම ඔස්සේය. නෙවල්නි, දූෂණ ක්‍රියාකාරියකු වන අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස විවේදනය කරන්නකු ලෙස ද ප්‍රකටය. නෙවල්නිට වස දුන්නේ පුටින්ගේ අනුදැනුම යටතේ යැයි චෝදනා එල්ල වී තිබේ.

ජර්මන් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී, දින ගණනකට පසු ඇලෙක්සි නෙවල්නි සිහිය ලැබීමෙන් පසු  බිරිඳට තුරුලු වී සිටින ඡායාරූපයක් ද මේ වනවිට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

බර්ලීනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS