නෙදර්ලන්තයේත් පිහි ඇනුම්



නෙදර්ලන්තයේ හේග් අගනුවර යාචකයකු පිහියක් අතැතිව කලහ කරමින්, තිදෙනකුට පිහියෙන් ඇන තුවාල කර ඇති බව වාර්තා වේ. තුවාල ලැබා ඇත්තේ තරුණියන් තිදෙනකු බව ද වාර්තා වේ.

35 හැවිරිදි යාචකයා පොලිසිය විසින් වහා අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.

පිහි ප්‍රහාරය සිදුවූයේ ලන්ඩන් පාලම මහ සිදුවුණු පිහි ප්‍රහාරයට සමගාමීව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද සෙවීමට පරීක්ෂණ ආරම්භ වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS