නව වෙරළාරක්ෂක නීති ජපානයට තර්ජනයක්



චීනයේ නව වෙරළාරක්ෂක නීති සම්බන්ධයෙන් ජපන් රජය කනස්සල්ලෙන් පසුවන බව ජපාන පුවත් සේවා පවසයි. එම නව නීති සම්බන්ධයෙන් ජපානය සහ චීනය අතර අර්බුදයක් නිර්මාණය වීමේ අවධානමක් පවතී.

එම නව වෙරළාරක්ෂක නීති අනුව, චීන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවන ඕනෑම යාත්‍රාවකට වෙඩි තැබීමට චීන වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.

ඒ අනුව, ජපානයට අයත් ‘සෙන්කාකු’ දූපත අවට මුහුදේ යාත්‍රා කරන ජපානයට අයත් නාවික යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් තර්ජනයක් එල්ල වනු ඇතැයි ජපාන රජය පවසයි.

‘සෙන්කාකු’ දූපත පිහිටා ඇත්තේ චීන මුහුදේ චීනයට නුදුරිනි. මෙම දූපතේ අයිතිය සම්බන්ධයෙන් ජපානයත් චීනයත් අතර අර්බුද පවතී. නව වෙරළාරක්ෂක නීතියට අනුව, මෙම දූපතට යන එන නාවික යාත්‍රාවලට වෙඩි තැබීමට චීන වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරනු ඇත.

ඔසාකාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS