නවාස් ෂරීෆ්ට ආපසු හැරෙන්න වෙලා



වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් නුවර ‘බ්‍රිජ් හොස්පිටල්’ රෝහලට යමින් සිටි පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට ආපසු හැරී යෑමට සිදුවිය.

ලන්ඩන් පාලම මත සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ නවාස් ෂරීෆ් රෝහල බලා යද්දීය. ප්‍රහාරයත් සමඟ පාලම වසා දැමුණු අතර සියලු වාහන ආපසු හරවා යැවීමට ලන්ඩන් පොලිසිය පියවර ගත්තේය.

රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇප නියමවීමෙන් පසු නවාස් ෂරීෆ් වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩන් ගොස් සිටියේ විශේෂ අවසරක් ලබා ගනිමිනි. නවාස් ෂරීෆ් දැඩි ලෙස රෝගී වී සිටින බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS