ධුරයෙන් ඉවත් වෙන්න මෝල්ටා අගමැති සූදානම්



ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් ලබන ජනවාරියේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මෝල්ටා අගමැති ජෝසෙප් මුස්කැට් නිවේදනය කර ඇත.

ජනපති මුස්කැට් ට ඉල්ලා අස්වීමට සිදුවී ඇත්තේ, දූෂණ විරෝධී ක්‍රියාකාරියකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන ඩැප්නී ගලීසියාගේ ඝාතන සිදුවීම මුල්කොට ගනිමිනි. ඩැප්නී ගලීසියාගේ ඝාතනය සිදුවූයේ අගමැතිවරයාගේ අනුදැනුම මත යැයි චෝදනා එල්ල වී ඇති අතර, ඊට ජනතාවගේ දැඩි අප්‍රසාදය හිමි වී ඇත.

තමන් ධුරයෙන් ඉවත් වන බව මෝල්ටා ජනපතිවරයාට දැනුම් දුන් බවත් පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ද තමන් ලබන ජනවාරි 12 වැනිදා ඉවත් වන බවත් අගමැතිවරයා පවසා ඇත. මුස්කැට් අගමැති ධුරය හොබවන්නේ 2013 වසරේ සිටය.

මාධ්‍යවේදී ඩැප්නී ගලීසියාගේ ඝාතනය සිදුවූයේ 2017 දීය. ඩැප්නී ගලීසියාගේ ඝාතනය වූයේ කාර් බෝම්බයකිනි. ඝාතනයට තමන්ගේ සම්බන්ධයක් ඇති බවත් එම සම්බන්ධය නිසා තමන් ධුරයෙන් ඉවත් වන බවත් ජනපති මුස්කැට් පවසා නැත. හරි දේ තමන් කරනවා යැයි ජනපති මුස්කැට් ජාතිය අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

කම්කරු පක්ෂය බලයේ රැඳී සිටින්නේ, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ද සහිතවය. එහෙයින්, මැතිවරණයකට නොයා, අගමැති ධුරයට සුදුස්සකු පත් කර ගැනීමට හැකිවනු ඇතැයි දේශාපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS