දකුණු කොරියා ඇමෙරිකා නව තානාපති ලී සූ හයුක්



ඇමෙරිකාවේ නව දකුණු කොරියා තානාපති ලෙස දකුණු කොරියා ජනාධිපති කීර්තිමත් දේශපාලනඥයකු වන ලී සෝ හයුක් පත් කර ඇතැයි වාර්තා වේ.

ලී සෝ හයුක් පාලක පක්ෂයේ මන්ත්‍රීවරයකු වන අතර, උතුරු කොරියා න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සඳහා සහභාගී වූ ප්‍රධාන නියෝජිතයන්ගෙන් කෙනෙකි. දකුණු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති ලෙස ද මොහු කටයුතු කර තිබේ.

මීට මාසයකට පමණ පෙර, ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනලඞ් ට්‍රම්ප් අතරේ ගැටුමක් නිර්මාණය විය. ඒ, බ්‍රිතාන්‍ය තානාපතිවරයා ඇමෙරිකන් ජනපති විවේචනය කළ බැවිනි. එහදී ට්‍රම්ප්ගෙන් එල්ල වූ වාග් ප්‍රහාර හමුවේ ශ්‍රීමත් කිම් ඩැරෝච් තානාපති ධුරයෙන් ඉවත් විය.

එම අවස්ථාවේදී, ලී සෝ හයුක් ඇමෙරිකන් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළේය. ට්‍රම්ප් සිත්පිත් නැති නපුරු තැනැත්තකු යැයි ලී සෝ හයුක් පැවැසීය.

සෝල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS