දකුණු අප්‍රිකා විකෘතිය ඇමෙරිකාවේ



දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘති ප්‍රභේදය ඇමෙරිකාවට පැමිණ ඇතැයි සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් වයිරස විකෘතිය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කර ඇත්තේ ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ සෞඛ්‍ය බලධාරීන්ය. ඒ, එම ජනපදයෙන් මේ වනවිට නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු හමුවීමත් සමඟය.

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වයිරස විකෘතිය ඇමෙරිකාවෙන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් විකෘතියට අමතරව, එංගලන්තයෙන් පළමු වරට හඳුනාගත් වයිරස විකෘතිය සහ බ්‍රසීලයෙන් හඳුනාගත් වයිරස විකෘතිය මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ. මෙම වයිරස විකෘති තුන එකිනෙකට වෙනස් වන නමුත්, සම්ප්‍රේෂණය අතින්, මුල් ‘කොවිඩ් 19’ වයිරසයට වඩා ඉතා වේගවත් බව තහවුරු වී ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS