තානාපති ධුරයෙන් කිම් ඩැරෝච් ඉවත් වෙයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමඟ පවතින නොහොඳ නොක්කඩු දුරදිග යෑමත් සමඟ වොෂින්ටන් අගනුවර බි‍්‍රතාන්‍ය තානාපති ශ්‍රීමත් කිම් ඩැරොච් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් සහ බි‍්‍රතාන්‍ය තානාපති ශ්‍රීමත් කිම් ඩැරොච් අතර ගැටුමක් නිර්මාණය වූයේ මීට සති කීපයකට පෙර, දෙදෙනා අතරේ හුවමාරු වුණු රහස් ඊ මේල් පණිවුඩ කීපයක් ප‍්‍රසිද්ධියට පත්වීමේ සිදුවීමක් මුල්කොට ගනිමිනි. එම ඊ මේල් පණිවුඩ හරහා ශ්‍රීමත් කිම් ඩැරොච්, ට‍්‍රම්ප් පරිපාලනය විවේචනය දැඩි ලෙස විවේචනය කර තිබේ.

ඊ මේල් ප‍්‍රසිද්ධියට පත් වෙද්දී ට‍්‍රම්ප් දිගටම ශ්‍රීමත් කිම් ඩැරොච් ට දොස් නගන්න වූ අතර ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඩැරොච් ට පක්ෂව අදහස් දක්වන්න වූවාය. ඒ අනුව, ඇමෙරිකාවත් බි‍්‍රතාන්‍යයත් අතර නව අර්බුදයක් නිර්මාණය විය.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ තමන්ට තවදුරටත් තානාපති ලෙස රාජකාරි කළ නොහැකි යැයි පවසමින් ශ්‍රීමත් කිම් ඩැරොච් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බි‍්‍රතාන්‍ය අගමැතිනියට බාර දී ඇති බව වාර්තා විය.

බි‍්‍රතාන්‍ය අගමැතිනිය පමණක් නොව, විපක්ෂ නායක ජෙරමි කෝර්බින් පවා ශ්‍රීමත් කිම් ඩැරොච් ට පක්ෂව රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියකු ලෙස ඔහු කළ සේවය ඇගයීමට ලක් කළේ යැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS