ට්‍රම්ප් සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නේ නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනය ලබා දෙන උපදෙස් තැකීමකට නොගන්නවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වී ඇත.

මෙසේ චෝදනා කරන්නේ ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනය නියෝජනය කරමින් ධවල මන්දිරයට අනුයුක්තව කටයුතු කරන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වන රිචඞ් ජැක්සන් ය.

රිචඞ් ජැක්සන් මෙම තනතුර හොබවන්නේ 2001 වසරේ සිටය. ඇමෙරිකාවේ සරම්ප සහ සූකර උණ වසංගත පැතිරෙද්දී, ඒවා පාලනය කිරීමටත් ව්‍යාප්තිය වැලැක්වීමටත් මැදිහත් වී කටයුතු කළ අයකු ලෙස රිචඞ් ජැක්සන් ප්‍රකටය.

තවමත් ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. එසේ වුවත් ඇමෙරිකාවේ ලොක්ඩවුන් කළ ජනපද 50 යළි විවෘත කර අඩපණ වුනු ආර්ථිකය යළි ගොඩනැගීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන ඇත. ජනපති ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනය එසේ නොකරන්නැයි පුනපුනා පවසා ඇති අවස්ථාවකය.

මේ අතර ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් ඇමෙරිකාවෙන් හමුවීම ඇමෙරිකාවට ගෞරවයක් බව ජනපති ට්‍රම්ප් පවසා ඇත. ජනපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, වැඩිම ආසාදිතයන් හමුවුණේ ඇමෙරිකාව ලොව අන් කවර රටකටත් වඩා වැඩි වේගයකින් ‘කොවිඞ් 19’ පරීක්ෂණ සිදු කරන බව පෙන්වා දෙමිනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS