ට්‍රම්ප්ට තර්ජනය කළැයි වසර 140 ක සිරදඬුවමක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනා එල්ල වූ 51 හැවිරිදි ගැරී ග්රෙවල් නමැති ඇමෙරිකන් ජාතික තරුණයා එම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 140 ක සිර දඬුවමක් හිමිවනු ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ගැරී ග්රෙවල්ට චෝදනා 16 ක් එල්ල වී ඇත. ගැරී ග්රැවල් ට්‍රම්ප්ට මරණ තර්ජනය කළේ පසුගිය 2018 වසරේදීය. ඒ,  ධවල මන්දිරයට ලිපියක් යවමිනි. එම වසරේ මේ පුද්ගලයා වොෂින්ටන් අගනුවර රාජ්‍ය ආයතන කිහිපයකටත්, මානසික වෛද්‍ය මධ්‍යස්ථානයකටත් තර්ජනාත්මක ලිපි යැවූ බවත් දුරකතන ඇමැතුම් ලබා දුන් බවත් වාර්තා වේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS