ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්



තම්ග් ලුඅන්ග් ලෙන තුළ සිරවී සිටි දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමේ වික්‍රමයට සම්බන්ධ කිමිදුම්කරුවන්ට ඇමෙරිකා ජනාධිපති ඩොලඞ් ට්‍රම්ප් සුබ පතා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

යොවුන් පා පන්දු කණ්ඩායමට අයත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමේ අසීරු මෙහෙයුමට තායිලන්ත නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පමණක් නොව, විදෙස් කිමිදුම්කරුවෝ ද සම්බන්ධ වී සිටිති. විදෙස් කිමිදුම්කරුවන් කණ්ඩායමට ඇමෙරිකන් කිමිදුම්කරුවන් ද ඇතුළත්ය.

‘ඒක බොහොම නිර්භීත වික්‍රමයක්. සැබැවින්ම නිර්භීත වික්‍රමයක්. තම දිවි පරදුවට තබා දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට එක් වුණු සැමට මම සුබ පතනවා. දරුවන් බේරා ගැනීමේ දී තායිලන්ත රජය කටයුතු කළ ආකාරය අපූරුයි’ යැයි ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS