ජේම්ස් කුක් නවසීලන්තයට ඇවිත් අවුරුදු 250 යි



බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කපිතාන්වරයකු මෙන්ම දේශගවේෂකු ද වන ජේම්ස් කුක් නවසීලන්තයට පැමිණ වසර 250 ක් සැපිරේ. නවසීලන්තයට පය තැබූ පළමු යුරෝපීය ජාතිකයා ජේම්ස් කුක් ලෙස සැලකෙයි.

කපිතාන් ජේම්ස් කුක්, ප‍්‍රමුණ නාවික පිරිස ‘එන්ඩෙවර්’ නමැති රුවල් නැවෙන් නවසීලන්තයට පය තැබුවේ 1769 ඔක්තෝබර් 8 වැනිදාය. ඒ, නවසීලන්තයේ උතුරු දිවයිනේ නැගෙනහිර දෙසින් පිහිටි ගිස්බෝර්න් හරහාය. ගිස්බෝර්න් අද නවසීලන්තයේ කැපී වෙනෙන වරාය නගරයකි.

නවසීලන්තයේ යුරෝපීයයන් පදිංචිවීම ආරම්භ වූයේ, ජේම්ස් කුක්ගේ පැමිණීමෙන් පසුවය. නවසීලන්තයේ ස්වදේශිකයෝ මෞරිවරුය. මෞරිවරුන්, ජේම්ස් කුක් ඇතුළු යුරෝපීය නාවිකයන් මෙන්ම ඉන්පසු නවසීලන්තයේ පදිංචියට ආ සෙසු යුරෝපීය වැසියන් ද සලකන්නේ ආක‍්‍රමණිකයන් ලෙසය.

වෙලිංටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS