ජුලියන් ඇසෙන්ජ්ට අධිකරණය හමුවට



අත්අඩංගුවට ගත් ‘විකිලීක්ස්’ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් ලන්ඩන් නුවරලන්ඩන් අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි.

නියම කළ ඇප ලබා දීම පැහැර හැරීම සහ ආරක්ෂක අංශ මඟ හැර යෑම යන චෝදනා සම්බන්ධයෙන් ඇසෙන්ජ් වරදකරු වූ බවත් ඔහුට වසරක සිර දඬුවමක් නියම වූ බවත් බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කළේය.

පසුගිය වසර 7 ක කාලය පුරාවට ජුලියන් ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය ලැබ සිටියේය.  ඇමෙරිකාවේ යුද සහ රාජ්‍ය රහස් සිය විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ලොවට හෙලි කළ තැනැත්තා ඇසෙන්ජ්ය.

ලන්ඩන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS