ජාතික ගීය අමතක වෙලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරට ජාතික ගීයේ වචන අමතක වුණැයි ට්විටර් සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වෙමින් පවතී.
ජනපති ට්‍රම්ප් සහභාගී වූයේ ඇලබාමා සහ ජෝර්ජියා ජනපද අතරේ ජාතික ශූරතා ඇමෙරිකන් පා පන්දු තරගාවලියටය.

ඇමෙරිකානුවන් පා පන්දු යනුවෙන් හඳුන්වන්නේ ‘රග්බි’ ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවකටය.

ජාතක ගීය ගයද්දී, ට්‍රම්ප් හමුදා නිලධාරීන් පිරිමක් ද සමඟ පිටිය මැද සීරුවෙන් සිටී. මෙය සජීවීව විකාශ කෙරුණි.

ට්‍රම්ප් ජාතික ගීය මුහුණන්න උත්සහ ගන්නා නමුත් ඇතැම් අවස්ථාවලදී ඔහුට වචන පැටලෙන බව වීඩියෝ දසුන්වලින් පැහැදිලිව දකින්න ලැබේ.

ට්විටර් සමාජ ජාලය ඔස්සේ ට්‍රම්ප්ට විවේචන එල්ල වී ඇත්තේ මේ නිසාය. 71 හැවිරිදි ට්‍රම්ප් මානසික ආබාධයකින් පෙළෙන බවත්, ඔහු ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවීමට සුදුසු අයකු නොවන බවත් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS