චෝදනා සෙනෙට් විනිසුරු මඬුල්ල හමුවට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය හමුවේ නඩු විභාගය පැවැත්වෙන අතර, දෝෂාභියෝගයට අදාල චෝදනා විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

නඩු විභාගය පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජෝන් රොබට්ස්ගේ අධීක්ෂණය යටතේය. සෙනෙට් මණ්ඩල විනිසුරු මඬුල්ලක් චෝදනා විභාග කරයි. පැමිණිලි පාර්ශ්වය ලෙස ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ කණ්ඩායම චෝදනා ඉදිරිපත් කිරීම කරන අතර දින තුනක් මේ සඳහා ලබා දී ඇත.

ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කණ්ඩායම එම චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට කටයුතු කරනු ඇත්තේ ඉන්පසුවය. ඒ සඳහා ද දින 3 ක කාලයක් ලැබෙනු ඇති බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

සියලු කරුණු කාරණා සලකා බැලීමෙන් පසු, දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ ඡන්ද විමසුම පැවැත්වෙන්නේ ඉන්පසුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙන් නොව, සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. එහෙයින්, දෝෂාභියෝගය පහසුවෙන් පරාජය කිරීමට ට්‍රම්ප්ට අවස්ථාවක් හිමිවෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS