චීන ජනපති ජින්පින්ට ට්‍රම්ප්ගෙන් පැසැසුම්



කොරෝනා වයිරසය (කෝවිඞ්19) මර්දනය කිරීමට ගත් දළදඬු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් ට ප්‍රසංශා කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

වයිරසය පැතිරීම පාලනය කිරීමට චීන ජනපති ෂී ජින්පින්ගේ උපදෙස් මත ගත් පියවර සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වෙන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

මේ අතර ඇමෙරිකාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 15 දෙනකු හමුවී ඇතැයි ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

එම ආසාදිතයා ටෙක්සාස් ගුවන් හමුදා කඳවුරක නිරෝධායනය කර තැබෙන බව ද ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය වැඩි දුරටත් පවසා ඇත.

මෙම තැනැත්තා පසුගිය 7 වැනිදා චීනයේ වූහාන් නුවර කොටු වී සිට ඇමෙරිකන් රජය මැදිහත් වී, විශේෂ ගුවන් යානායකින් ඇමෙරිකාව බලා ගෙනා පිරිස අතර සිටි අයකු බව ද ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS