චීනයෙන් තවත් ලෙඩක්



චීනයෙන් තවත් මාරක වයිරසයක් පැතිරීම ආරම්භ වී ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ බියක් පැතිර යන නමුත් චීන වෛද්‍යවරුන් පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිවේදනය කළේ එම වයිරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමෙන් වළකින ලෙසය.

චීනයෙන් වාර්තා වී ඇති මෙම වයිරසය නව වයිරසයක් නොවන බවත් එය හැන්ටා වයිරසයක් බවත් චීන වෛද්‍යවරු පැහැදිලි කරති. ඇමෙරිකාවේ වසංගත රෝග පාලන ඒකකය ද මේ සම්බන්ධයෙන් පළ කර ඇති අතර, ඔවුන් ද පවසා ඇත්තේ මෙම හැන්ටා වයිරසය සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොමැති බවය.

හැන්ටා වයිරස ආසාදිතයන් 39 දෙනකු මේ වනවිට චීනයෙන් හමුවී ඇති අතර, පසුගිය දා බස් රියක් තුළ ගමන් කළ මගියකු හිටිහැටියේ ඇද වැටී මියගොස් ඇත්තේ ද මෙම වයිරසය නිසාය.
හැන්ටා වයිරසයේ රෝග ලක්ෂණ ද මේ වනවිට ලොව පුරා ව්‍යාප්තවී ඇතිි ‘කෝවිඞ් 19’ රෝග ලක්ෂණවලට සමානය. ‘කෝවිඞ් 19’ කොරෝනා වයිරස පවුලේ නවතම වයිරසයයි.

‘හැන්ටා’ වයිරසයේ මූලාරම්භය ආසියාවය. මෙය ‘මී උණ’ කි.  ‘බන්යාවිරිඬේ’ නමැති වයිරස පවුලට අයත් යැයි පැවැසෙයි. මෙම හැන්ටා වයිරසය මිනිසුන්ට බෝ වන්නේ මීයන්ගේ මළ මුත‍්‍රවලින් යැයි ද පැවැසෙයි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS