චීනයෙන් කොරෝනා ආසාදිතයෝ 10 ක්



චීන සමාජයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හමුවුණු බව චීන සෞඛ්‍ය අංශ  නිවේදනය කළේය. ඒ අනුව, චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 85,194 ක් ලෙස සටහන් විය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍ර කොට ගනිමිනි. කෙසේ නමුත් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත් විය. සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට චීන රජය හමුදාව ද යෙදවිණි.

තවමත් විටින් විට චීනයේ පළාත්වලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි. නව ආසාදිතයන් වාර්තා වී ඇත්තේ බීජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි. මීට අමතරව විදේශවලින් ආපසු පැමිණෙන චීන ජාතිකයන් ද ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම සිදුවෙයි.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS