ඝාතකයන් සිවුදෙනා එල්ලා මරා දැමීම පළමු වැනිදා



2012 දෙසැම්බර් 16 වැනිදා නවදිල්ලි අගනුවර බස් රියක් තුළදී, ජෝති සිං හෙවත් ‘නිර්භයා’ නමැති 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කළ අපරාධකරුවන් සිවුදෙනාගේ මරණ දඬුවම ලබන පෙබරවාරි පළමු වැනිදා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

සමූහ දූෂණයට ලක්වී බරපතල තුවාල සහිතව රෝහල් ගත කළ තරුණිය අධික වේදනාවෙන් දිවියෙන් සමුගත්තේ මුළුමහත් ඉන්දියාව පමණක් නොව, ලෝකය ද කලඹමිනි.

මෙම සිදුවීමෙන් පසු ඉන්දියාව ඔවුන්ගේ නීති පද්ධතිය පවා සංශෝධයට ලක් කළේය.

අපරාධකරුවන් සිවුදෙනා එකවිට එල්ලා මරා දැමීම සිදුවනු ඇති අතර එය සිදුවන්නේ තිහාර් බන්ධනාගාරයේය. තිහාර් බන්ධනාගාර බලධාරීන් පවසන්නේ මුකේෂ් සිං, විනෙයි ෂර්මා, අක්ෂේ තාකූර් සහ පවන් ගුප්තා ය.

2012 දෙසැම්බර් 16 වැනිදා තරුණිය දූෂණයට ලක් කරද්දී පවන් ගුප්තා බාලවයස්කාරයෙකු විය. වෛද්‍ය පරීක්ෂණයවලින් සහ ලබාගත් සාක්ෂිවලින් අනාවරණය වූයේ තරුණියට දරුණු ලෙස තුවාල සිදු කළේ මොහු බවය.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS