ගිනස් පොතට ගිය ලෝක ඇත්තෝ



ගිනස් වාර්තාවක් තමන් සතුකරගැනීම බොහෝ දෙනාගේ සිහිනයක්. මෙසේ සිහින සැබෑ කරගත් 2020 වසර සඳහා වන අරුම පුදුම ගිනස් ලෝක වාර්තා හිමිකරුවන් පිළිබදව පසුගියදා අනාවරණය කෙරුණි.

නිවේදනය නිකුත් කරමින් ගිනස් ආයතනය පවසන්නේ සාමාන්‍යෙයන් මිනිසුන්ට කළ නොහැකි ඉතාමත් අසීරු කටයුතු කරමින් දස්කම් දැක්වූ පුද්ගලයින් ඇගයීම සඳහා මෙම ලැයිස්තුව සැකසූ බවයි.

හූලා හූප් කැරකැවීමේ අසාමාන්‍ය හැකියාවක් දක්වන අමෙරිකාවේ ගෙටී කහායොවා වෙනුවෙන්ද මෙහිදී එක් ගිනස් වාර්තාවක් පිරිනැමුණි.

අඩි 17ක් තරම් විශ්කම්භයකින් යුත් හූලා හූප් වළල්ලක් කරකැවීම සලකා ලොව විශාලතම හුලා හූප් කරකැවීම සඳහා වන කාන්තා ගිනස් වාර්තාව ඇය වෙත හිමිවුණි.

මිනිත්තුවක කාලයකදී එක් අතක් පමණක් භාවිත කරමින් වැඩිම පයින් බෝඩ් ප්‍රමාණයක් බිද දමමින් ගිනිස් වාර්තාවක් තමන් වෙනුවෙන් වෙන්කරවාගැනීමට විවාහක යුවළක් වූ ලීසා හා ක්‍රිස් පිට්මන් ද සමත්වුණා.

ඔවුන් මිනිත්තුවකදී බිදහෙලූ බෝඩ් ප්‍රමාණය 500 ක්.

එක්සත් ජනපදයේ වෙසෙන එකම ටයිකොන්ඩෝ මාස්ටර්වරියද ඇයයි.

ලොව වේගවත්ම ජංගම ගෙවතු නිවෙස සෑදීම වෙනුවෙන් ගිනස් වාර්තාවක් ලබාදීමේ පුවතක්ද මෙහිදී වාර්තා වුණි.

පැයට සැතපුම් 80ක වේගයෙන් යා හැකි එම ජංගම නිවෙස සදහා වන වාර්තාව දිනාගත්තේ එංගලන්තයේ කෙවින් නික්ස්.

අමෙරිකාවේ බ්‍රිටනි වෝල්ෂ් වෙත  ගිනස් වාර්තාවක්  හිමිවුණේ පාදය යොදාගෙන ඊතළ විදින ලොව වේගවත්ම ක්‍රීඩිකාව ලෙසයි.

ඇයට සිය ජිම්නාස්ටික් දක්ෂතා දක්වමින් අඩි 40.38ක් තරම් දුරට ඊතළ විදීමේ හැකියාවෙන් යුතු කාන්තාවක්.

( තිළිණි ද සිල්වා )
එන්.බී.සී ඇසුරෙනි.

RECOMMEND POSTS