ග්‍රෙටා තන්බර්ග් දැරියත් ඩවෝස් ආර්ථික සමුළුවට



ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ලෝක පරිසර ක්‍රියාකාරීහු රැසක් ද සහභාගී වී සිටිති. 17 හැවිරිදි ස්වීඩන පරිසර ක්‍රියාකාරිනී ග්‍රෙටා තන්බර්ග් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඩාවෝස් සමුළුව ඇමතීමට පැය කීපයකට පෙර ග්‍රෙටා තන්බර්ග් සමුළුව ඇමැතුවාය. එහිදී ඇය පෙන්වා දුන්නේ,  ගෝලීය උණුසුම පිටුදැකීමට ලෝකයේ බලවත් රටවල් කිසිදු සැලකිය යුතු ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS