කොල්කටා ගිය මෝදිට විරෝධයක්



බටහිර බෙංගාල ප්‍රන්තයේ කොල්කොටා නුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විරෝධයක් එල්ල වූ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

විරෝධය එල්ල වූයේ ඉන්දීය රජය සම්මත කරගත් නව පුරවැසි පනත මුල්කොට ගනිමිනි. 30,000 කට වැඩි පිරිසක් විරෝධතා පුවරු ද රැගෙන කල්කටා නගර මධ්‍යයට රැස්වූයේ ‘මෝදි එපා: ආපසු යන්න’ යැයි කෑ කෝ ගසමිනි.

අගමැති මෝදි, කොල්කටා පැමිණියේ බෙංගාල මහ ඇමැතිනිය මම්තා බැනර්ජී හමුවී සාකච්ඡා පැවැත්වීමටය. ඉන්දීය රජය විසින් හඳුන්වා දෙනු ලැබූ නව පුරවැසි පනතට මහ ඇමැතිනිය මම්තා බැනර්ජීගෙන් ද විරෝධයක් එල්ල වී ඇත.

එම නව පුරවැසි පනතට අනුව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පාකිස්තානයෙන් අනවසර සංක්‍රමණිකයන් ලෙස ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ පදිංචිවන මුස්ලිම් වැසියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය හිමි නොවේ. ඔවුන්ට ආපසු ඔවුන්ගේ රටවලට යෑමට සිදුවෙයි.

කොල්කටාහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS