කොරෝනා පරදන්න විශේෂ ඖෂධයක්



අප්‍රිකාවට අයත් ස්වාසිලන්තයේ තෙවැනි ම්සවාතී රජු කොරෝනා ආසාධිතයකු ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු නමුත්, තායිවාන රජය හරහා චීනයෙන් ලැබුණු විශේෂ ඖෂධයක් හේතුවෙන් කඩිනමින් සුවය ලබා සිටින බව වාර්තා වේ.

ස්වාසිලන්තය අද හැඳින්වෙන්නේ ‘ඊස්වාතිනී’ යනුවෙනි. ‘ඊස්වාතිනී’ රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන රටක් ලෙස තායිවානය සැලකෙයි. තායිවානය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවැතියත්, චීනය සලකන්නේ එය තමන්ගේ කොටසක් ලෙසය.

රෝගී වූ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ තමන්ට තායිවානය හරහා චීනයෙන් ලැබුණු ඖෂධය කුමක්දැයි නොදන්නා නමුත්, වෛද්‍යවරුන් එය තමන්ට ලබා දුන්නේ සේලයින් මාර්ගයෙන් බවත් 52 හැවිරිදි රජු පවසා ඇත. ඉදිරියේ දී ‘ඊස්වාතිනී’ වැසියන් වෙනුවෙන් තායිවානය හරහා චීන එන්නත් ලැබීමට නියමිත බව ද ම්සවාතී රජු පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ම්මබේන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS