කිම් ජොන් උන්ගේ බිරිඳ යහතින් ඉන්නවා



උතුරු කොරියා නායක කිම් ජොන් උන්, බිරිඳ රී සොල් ජූ සමඟ සිටින ඡායාරූපයක් උතුරු කොරියා මාධ්‍ය උපුටා දක්වමින් දකුණු කොරියා මාධ්‍ය වාර්තා කර තිබේ.

රී සොල් ජූ මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ වසරකට වඩා වැඩි කාලයකට පසුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

පෙරේදා (16) මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වූයේ නායක කිම් ජොන් උන් සහ රී සොල් ජූ එරට යොංග්යැංග් අගනුවර සංගීත සංදර්ශනයක් නරඹමින් සිටිද්දී ගන්නා ලද ඡායාරූපයකි.

උතුරු කොරියානුවෝ මේ වන විට නව අවුරුදු උදාව සමරමින් සිටිති.

පසුගිය කාලයේ පැවැති ජාතික උත්සව කිසිවකට රී සොල් ජූ සහභාගී නොවුණු බැවින්, විදෙස් දේශපාලන විශ්ලේෂකයන් සැක කළේ ඇය රෝගී වී සිටිනවා විය හැකි බවය.

දකුණු කොරියා බුද්ධි අංශ පෙන්වා දෙන අන්දමට නායක කිම් ජොන් උන් සහ රී සොල් ජූ යුවළිට දරුවෝ තිදෙනෙක් සිටිති.

සෝල්හිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS