කැලිෆෝනියා ජනපදයේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ රෙඞ් බ්ලෆ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක තොග ගබඩා සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 4 කි.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු ගබඩා සංකීර්ණයට කඩා වැදී වෙඩි තැබීමට පටන්ගෙන ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සැලැවීමත් සමඟ පොලිසිය එම ස්ථානයට පැමිණි අතර, ඔවුන් පෙරෙළා කළ වෙඩි තැබීමෙන් වෙඩික්කරු ද මියගියේය.

වෙඩි තැබීම කළේ ලුවිස් ලේන් නමැති 31 හැවිරිදි තැනැත්තාය. මොහු මෙම ගබඩා සංකීර්ණයේ සේවය කළ අයෙකි. මොහු මීට මාස 16 කට පෙර, සේවයෙන් නෙරපා දමා ඇති බව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රෙඞ් බ්ලෆ් නගරයේදීය (රොයිටර්)


RECOMMEND POSTS