කාශ්මීරයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වේවි



ඉන්දු කාශ්මීරයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වී ඇතැයි ඉන්දීය රජය ජාත්‍යන්තර ප්‍රජාවට සහතික විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 42 වැනි සැසිය මේවනවිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙයි. ඉන්දීය රජය නියෝජනය කරමින් විජේ තකූර් සිං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කණ්ඩායමක් සැසියට එක්වී සිටිති.

ඉන්දු කාශ්මීරයට අයත් ජම්මු කාශ්මීර පළාත්වල ඉතා දරුණු අන්දමින් මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවෙනවා යැයි එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ඉන්දීට රජය වෙනුවෙන් ජගත් ප්‍රජාවට සහිතකයක් ලබාදීම කළේ විජේ තකූර් සිං ය.

ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය අගෝස්තුවේය. ඒ, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සිය බලතල භාවිතයට ගනිමින්, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමත් සමඟය. 370 වැනි වගන්තිය යටතේ ඉන්දු කාශ්මීරයට විශේෂිත බලතල පවරා දී තිබුණි. ඒ, ඉන්දියාවෙන් පාකිස්තානය වෙන් වෙද්දී, ඉන්දු කාශ්මීරයට අයත් ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් පාකිස්තානයට එක්වීම වෙනුවට ඉන්දියාවට එක්වීමෙන් පසුවය.

370 වැනි වගන්තිය අහෝසි කිරීමෙන් ජම්මු සහ කාශ්මීර මුස්ලිම් වැසියන්ට සහ මුස්ලිම් දේශපාලනඥයන්ට ලබා දී තිබුණු විශේෂ බලතල ද අහෝසි විය. ජම්මු, කශ්මීර් සහ ලඩාක් ඉන්දීය මධ්‍යම රජය යටතට පවරා ගැනීම සිදුවිය. ඉන්දීය රජය මෙම ක්‍රියාවලිය සිදු කළේ ජම්මු සහ කාශ්මීර් පළාතට හමුදාව සහ පොලිසිය යොදවමිනි. ජනතා නොසන්සුන්තා අවම කිරීමට ඇඳිරි නීතිය විටින් විට පැනවීම සිදු කෙරුණි. ජම්මු කාශ්මීරයේ හිටපු මහ ඇමැතිවරුන්, දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනකු නිවාස අඩස්සියට පත් කෙරුණි. දුරකතන සහ අන්තර්ජාල පහසුකම් අත්හිටුවිණි. කලහකාරීව හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීම ද සිදුවිය.

ඉන්දු කාශ්මීර වැසියන්ගේ මූලික අයිතීන් දරුණු ලෙස උල්ලංඝනය වුණැයි ඉන්දිටායට විරෝධය දක්වමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 42 වැනි සසියට කරුණු දක්වා සිටියේ පාකිස්තානයයි.  පාකිස්තානය නියෝජනය කරමින් සැසියට එක් වී සිටින්නේ පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොද් කුරේෂි ඇතුළු නියෝජිත කණ්ඩායමය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 42 වැනි සැසිය ආරම්භ වූයේ 10 වැනිදා ය. එහිදී ජම්මු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ හටගන ඇති අර්බුදය සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැචලේ ඉන්දියාවට සිය කනසල්ල පළ කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS