කතානායක ධුරයෙන් සමුගන්න සැරැසෙයි



බ්‍රෙක්සිට් අර්බුදය මුල්කොට ගනිමින්, තමන් තම ධුරයෙන් ඉවත්වීමට තීරණය කළේ යැයි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩල කතා නායක ජොන් බර්කෝව් පවසා ඇත.

කතා නායක බර්කෝව් මේ බව කියා සිටියේ, යළිත් වරක් හදිසි මැතිවරණයක් පැවැත්වීමට අගමැති බොරිස් ජොන්සන් ගත් උත්සාහය අසාර්ථක වුණු අවස්ථාවේදීය. බර්කෝව් වසර 10 ක් පුරා නියෝජිත මන්තී‍්‍ර මණ්ඩල කතා නායක ධුරයේ කටයුතු කළේය.

‘කතා නායක ධුරයේ කටයුතු කරන්න ලැබීම මට මහත් ගෞරවයක්. ඒත් දැන් වෙලාව ඇවිත් ධුරයෙන් සමුගන්න. අගමැතිවරයා හදිසි මැතිවරණයකට යන්න හදනවා. ඔහු සාර්ථක වී හදිසි මැතිවරණයකට ගියොත් මම ඊට කලින් ධුරයෙන් ඉවත් වෙනවා. එසේ නොවුණොත්, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට ඇති දිනය වන ඔක්තෝබර් 31 වැනිදා මම ධුරයෙන් සමුගන්නවා. ධුරයෙන් ඉවත්වීමට සුදුසුම දිනය ඔක්තෝබර් 31 කියා මම සිතනවා’ යැයි බර්කෝව් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායට අනුව කතා නායකවරයා දේශපාලන පක්ෂ අභ්‍යන්තර ගැටුම්වලට සම්බන්ධ වන්නේ නැත. කෙසේ නමුත් ඉකුත් 27 වැනිදා,  පාර්ලිමේන්තුව සැසිවාරය කල් දමන්නැයි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යෝජනා කළ අවස්ථාවේදී කතා නායක බර්කෝව් ඊට මැදිහත් වී, අගමැතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කළේය.

කෙසේ නමුත් දෙවැනි එලිසබත් මහ රැුජිනගේ අනුමැතිය අගමැති ජොන්සන්ට හිමිවුණු බැවින් ගී‍්‍රස්ම නිවාඩුවෙන් පසු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව කල් දැමුණු අතර එය ලබන ඔක්තෝබර් 14 වැනිදා ඇරැුඹීමට තීන්දු කෙරුණි. අගමැතිවරයා පාර්ලිමේන්තුව කල් දැමීමට ගත් තීරණය ‘ව්‍යවස්ථාමය වශයෙන් ඉතා බරපතල සිදුවීමක්’ යැයි කතා නායක ජෝන් බර්කෝව් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS