ඕස්ටේ‍්‍රලියාවේ ළැව්ගිනි අවසන්



පසුගිය මාස කිහිපය පුරාවට  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත රැසක දරුණු අයුරින් පැතිරුණු ළැව් ගිනි සියල්ල මේ වනවිට අවසන් යැයි  ඕස්ටේ‍්‍රලියා රජය  නිවේදනය කළේය.

මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි පැතිරුණු සෑම ප‍්‍රාන්තයකටම මහ වැසි ඇද හැලෙමින් පවතී. ඇතැම් ප‍්‍රාන්තවලට අධික වර්ෂාපතනයක් ඇද හැලෙන බවත්, ජල ගැලීම් හටගෙන ඇති බවත් වාර්තා වේ.

ඕස්ටේ‍්‍රලියා කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ ගතවුණු වසර 30 ඇතුළත එරටට බලපෑ වැඩිම වර්ෂාපතනය මෙය බවය.

ළැව් ගිනි හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවට පමණක් ආවේණික සත්තු බොහෝමයක් මියගියහ. හෙක්ටයාර් මිලියන 11 කට වැඩි ප‍්‍රමාණයක් ළැව් ගිනිවලින් විනාශ විය.

කැන්බරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS