එළිසබත් රැජිනගෙන් වාර්තාවක් !



දෙවන එලිසබත් රැජින වසර හැටපහක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ඉතිහාසයට එක් වූවාය.

මේ වනවිට අනූ වියේ පසුවෙන එලිසබත් රැජින පෙබරවාරි 05දාට  දවස් විසිතුන්දහස් හත්සිය හතළිස් දෙකක් සිහසුනේ රැඳී සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරයි.

එලිසබත් රැජින බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙනි.

වත්මන් ලෝකයේ දීර්ඝ කාලයක් සිහසුන දැරූ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජතුමා පසුගිය වසරේ අභාවප්‍රාප්ත වීමන් අනතුරුව, දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව බවට පත්ව සිටින්නීය. 

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි..

 

 


RECOMMEND POSTS