එන්නත නොවැම්බරයේ ඇමෙරිකානුවන්ට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ඇමෙරිකා ඖෂධ සමාගම් නිපදවන එන්නත නොවැම්බර් පළමු වැනිදා සිට ඇමෙරිකානුවන්ට ලබා දීමට කටයුතු කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දෙවැනි වරටත් සහතික විය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් තුන් වැනිදාය. නොවැම්බර් පළමු වැනිදා එන්නත ඇමෙරිකානුවන්ට දීමෙන් ට්‍රම්ප් ඡන්ද වාසියක් ලබා ගැනීමට උත්සාහ ගන්නා බවට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් චෝදනා එල්ල වෙයි.

කෙසේ නමුත් ඇමෙරිකානු වසංගත රෝග පිටුදැකීමේ ඒකකය පවසා ඇත්තේ ජනපති ට්‍රම්ප් කුමක් කීවත්, නොවැම්බර් පළමු වැනිදා ඇමෙරිකානුවන් අතරේ බෙදා හැරීමට සාර්ථක එන්නතක් මෙතෙක් නිපදවා නැති බවය.

නිපදවෙමින් පවතින කොරෝනා මර්දන එන්නත් සායනික අත්හදා බැලීම්වලට යොදා ගන්නා බවත්, ඒවායේ අවසන් ප්‍රතිඵල වාර්තා ලැබීමට ලබන වසර තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි ද ඇමෙරිකානු වසංගත රෝග පිටුදැකීමේ ඒකකය පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS