එන්නත් ගත්තා නම් ගමන් බිමන් පුළුවන්



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් ලබා ගත් ඇමෙරිකානුවන්ට කිසිදු බාධාවකින් තොරව, රටේ ඕනෑම තැනකට යෑමටත් ඒමටත් හැකියාව ඇති බව එරට වසංගත රෝග ව්‍යාප්තිය පාලනය කරන සී.ඩී.සී. ආයතනය පැහැදිලි කර තිබේ.

එන්නත් ලබා ගෙන ඇති අයට වයිරසය ආසාදනය වී ඇති ද නැති ද යන්න සෙවීමේ පරීක්ෂණවලට යොමු වීමට හෝ නිරෝධායන කාලසීමාවකට යටත් වීමට හෝ සිදුනොවනු ඇති බව ද සී.ඩී.සී. ආයතනය අවධාරණය කර තිබේ.

එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදුවුණත්, තවමත් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 කට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී ඇති අතර එය සමස්ත ජනගහනයෙන් සියයට 30 ක ප්‍රතිශතයකි.

(රොයිටර්)


RECOMMEND POSTS