එක්සත් ජාතීන්ගේ සංවිධානයට 75 යි



එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසර 75 සපිරීම නිමිත්තෙන් විශේෂ සැසියක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඇරැඹිණි.

රාජ්‍ය නායකයන් සහ විදෙස් ඇමැතිවරු එම විශේෂ සැසියට එක් වී එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. වීඩියෝ තාක්ෂණයෙන්, රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් මෙසේ සමුළුවට එක් වූයේ කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙනි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවූයේ 1945 වසරේදීය. අද වසර 75 ක් සපිරෙද්දී, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ගණන 193 කි.  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, ජාත්‍යන්තර අධිකරණය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය, ආර්ථික සහ සමාජීය කටයුතු පිළිබඳ කවුන්සිලය 1945 දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගනිද්දී, ඊට සමගාමීව පිහිටුවා ගත් සෙසු සංවිධාන ලෙස හැඳින්විය හැකිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS