උතුරු කොරියා - චීන නව දේශසීමා පිවිසුමක්



උතුරු කොරියාව සමඟ නව දේශසීමා පිවිසුමක් විවෘත කිරීමට චීනය කටයුතු කළේය.

දේශසීමා පිවිසුම විවෘත වී ඇත්තේ ජියැන් මන්පෝ අධිවේගී මාර්ගය හරහාය. චීනයේ ජියැන් මන්පෝ අධිවේගී මාර්ගය උතුරු කොරියාව තෙක් දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 42 ක මුදලක් වැය වී ඇති බව පැවැසෙයි.

දේශසීමා පිවිසුමේ විකිරණ පරීක්ෂණ කවුළු ද සවි කර ඇත. ඒ, වාහන හෝ පුද්ගලයන් හෝ ඒ හරහා යද්දී, විකිරණ අඩංගු බව හඳුනා ගැනීමටය.

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු අතහැර දමන බව ලොවට පොරොන්දුවක් දී ඇති නමුත් චීනය මෙසේ විකිරණ පරීක්ෂණ දොරටු සවි කර තිබීම ගැටළුවක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS