ඉම්රාන් පළමු වරට ඇෆ්ගනිස්තානයේ



ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇෆ්ගනිස්තානයට පැමිණියේය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ඇෆ්ගනිස්තානයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. කාබුල් අගනුවරට පැමිණි ඉම්රාන් ඛාන්ට විශේෂ ආරක්ෂාවක් ද හිමිවිය.

ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීගෙන්, ඉම්රාන් ඛාන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. රාජ්‍ය නායකයන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූයේ ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සම්බන්ධයෙනි.

ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතරේ පැවැත්වෙන සාම සාකච්ඡාවලදී ප්‍රධාන මැදහත්කරුවකු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. ඇෆ්ගනිස්තානය පාකිස්තානයේ අසල්වැසියෙකි. ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විමසීමක් කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS