ඉම්රාන්ගෙන් මෝදිට තවත් ඇරැයුමක්



ඉන්දු කාශ්මීර අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තමන් සමඟ සාකච්ඡා කරන්නැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හසුනක් යවා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති මෝදිට සාම සාකච්ඡා සඳහා ඇරැයුම් කළ තෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මෙම ඇරැයුම සම්බන්ධයෙන් ද ඉන්දීය අගමැති මෝදි කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදීන්ට සහ අන්තවාදී ත්‍රස්තවාදීන්ට පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් අනුග්‍රහය හිමිවන බවට ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකාව ද පවසා ඇත.

එම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි මර්දනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය උදාසීන අයුරින් කටයුතු කරනවා යැයි ඉන්දීය රජය චෝදනා කර තිබේ. එහෙයින්, පාකිස්තානය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් ඵලක් නොවන බව ඉන්දීය රජයේ මතය වී තිබේ.

නවදිල්ලියේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS