ඉබෝලා එන්නත් දෙකක් සියයට 90 ක් සාර්ථකයි



මාරක ඉබෝලා වයිරසය මර්දනය කිරීමට නිපදවූ එන්නත් හතරකින් එන්නත් දෙකක් සියයට 90 ක් සාර්ථක වී ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව, නුදුරු අනාගතයේ දිනෙක ඉබෝලා වයිරසය මර්දනය කිරීමට හෝ වයිරසය මුළුමනින්ම ලොවෙන් තුරන් කිරීමට හෝ හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වෙයි.

ඉබෝලා වයිරසය වසංගත තත්ත්වයක් ලෙස පැතිර ගිය රාජ්‍යයක් වන්නේ අප්‍රිකාවේ කොංගෝ ජනරජයේය. පසුගිය වසරේ කොංගෝවේ ඉබෝලා රෝගීහු 1,800 ක පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකා වසංගත රෝග අංශයේ නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන් කොංගෝ ඉබෝලා රෝගීන්ට මෙම නව එන්නත් දෙක ලබා දී ඇත්තේ අත්හදා බැලීමක් ලෙසය.

ඉබෝලා වසංගත තත්ත්වයක් වාර්තා වූයේ 2014 දීය. ඉබෝලා රෝගය පැතිර යන්න වූයේ අප්‍රිකාවට අයත් ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියොන් යන රාජ්‍ය මුල්කොට ගනිමිනි. ඉබෝලා වයිරසයට බිලිවුණු සංඛ්‍යාව 11,310 කි.

වොෂින්ටනයේදීය (රොයිරේස්)


RECOMMEND POSTS